ජනපති ට‍්‍රම්ප්ගේ විධායක නියෝගය

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් තබමින් ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව, වෙනත් භාෂාවල ලේඛන සහ සේවා සපයනවාද නැද්ද යන්න තෝරාගැනීමේ අවස්ථාව රජයේ ආයතනවලට හිමි වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව නීතිය මගින් අහෝසි කෙරුණේ 2000 දී හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් අත්සන් කළ ඉංග්‍රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පනවා තිබූ නියෝගයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *