ජනපති අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීම අදයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද 12 දිනයේ දී ලෝක රාජ්‍ය සමුළුවට ඇමතීමට නියමිතව තිබෙනවා.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ 11 දිනයේදී එම සමුළුවට සමගාමීව, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් ඇතුලූ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පැවැත්වූ බව සඳහන් වෙනවා.

විශේෂයෙන් ම මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් ද එක් කර තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතාව ද හමුවී සාකච්ඡා පවත්වා තිබෙන බවත් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *