ජනපති අනුරගේ රජයේ මංගල අයවැය

මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි. ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර 2025 අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක්, ඊයේ (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මේ සඳහා අමාත්‍යවරුන් පිරිසක් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහභාගි වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *