ජනාධිපති අනුරගේ ස්ථාවරය

කාර්යක්ෂම හා ඵලදායී ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ සංස්ථාව ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබාදෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරින් සමග අද 07 ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් මෙහෙයුම් කාර්යයන් පිළිබඳව මෙහිදී සමාලෝචනයට බඳුන් කෙරුණු අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාඩු ලැබුවහොත් එහි සෘජු බලපෑමට ලක් වන්නේ එහි ආයෝජනය කර ඇති ජනතාව වන බැවින් නිසි කළමනාකරණයක් මඟින් එය වඩා ලාභදායී රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යායුතු බව, ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති නුසිත් කුමාරතුංග මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *