ජනපති අනුරට රාජ්‍ය නායකයින්ගේ සුභපැතුම්

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද 11 සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමු වී තිබෙන බව වාර්තා වෙනවා.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් අද 11 සිදු වුණු අතර, ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැත්න ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කර තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පවත්වා තිබෙන බව සඳහන් වෙනවා. එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතාව ද හමුවී ඇති බවත් සඳහන් වෙනවා.