ජනපති පුටීන්ගේ නිල රථයක් ගිනිගනී

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නිල රථවාහන සමූහයට අයත් ලිමොසින් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මෝටර් රථය මොස්කව් නගරයේ වීදියක ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.
මෙලෙස ගිනි ගෙන විනාශ වී ඇත්තේ, අමෙරිකානු ඩොලර් 357,000 ක් පමණ වටිනාකමින් යුතු මෝටර් රථයක් බව සඳහන් වෙනවා.
කෙසේවෙතත් මෙය පුටින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව කනස්සල්ල ඇතිකරන සිදුවීමක් ලෙස ඇතැමුන් හඳුන්වා දී තිබෙන අතර, විශේෂයෙන් ම මෙය රුසියානු ජනාධිපතිවරයා ඝාතන තැතක් ලෙස අනුමාන කළ හැකි බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
