ජනපති පුටීන්ගෙන් යුක්රේනය පිළිබඳ යෝජනාවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් විසින්, යුක්රේනය සඳහා තාවකාලික පරිපාලන ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එහිදී නව මැතිවරණයක් පැවැත්වීමට සහ තවත් වැදගත් ප්‍රධාන ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ සැලසිය හැකි බවට රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව, එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ, ඇමරිකාව හා යුරෝපීය රටවල් සමඟ යුක්රේනයට එම තාවකාලික පරිපාලනය හඳුන්වා දීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
