සටන් විරාමය ගැන ජනපති පුටීන්ගේ අදහස

යුක්රේන සටන් විරාමය සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව රුසියානු ජනපති විලැඩිමියර් පුටින් පවසනවා.

සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් තමන් ධනාත්මක අදහසක සිටින නමුත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ගැටලු කිහිපයක් ඇති බව රුසියානු ජනපතිවරයා සඳහන් කරනවා. ඇමරිකානු බලධාරීන් පිරිස මොස්කවි අගනුවරදී හමු වූ අවස්ථාවේදී පුටින් මෙම අදහස් පළ කර තිබෙනවා.

කෙසේ වුවත්, රුසියාව මෙම සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කළ හොත් එය ලෝකයේම බලාපොරොත්තු කඩ වන අවස්ථාවක් වන බව ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විටිකෝෆ් සඳහන් කර තිබෙනවා.

ඇමරිකාව විසින් දින 30 ක සටන් විරාම ගිවිසුමක් ඉදිරිපත් කර තිබූ අතර, ඇමරිකානු බලධාරීන් සෞදි අරාබියේදී පැවැත්වූ සාකච්ඡා අතරතුරදී යුක්රේනය අදාළ සටන් විරාම ගිවිසුමට සිය එකඟත්වය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *