ඇමෙරිකාව වෙනුවෙන් ජනපති ට‍්‍රම්ප් ගෙන ආ අලූත් තීරණය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා වූ නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ආනයනික මෝටර් රථ සහ අමතර කොටස් සඳහා 25% ක තීරු බදු ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ බදු අය කිරීම් ලබන අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකරනු ඇති බව සඳහන් වෙනවා.

විශේෂයෙන් ම මෙම බදු පැනවීම තුළින් අමෙරිකාව තුළ රැකියා සහ ආයෝජන දිරිමත් කෙරෙන බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *