ශ‍්‍රී ලංකාවේ සහය පතන ජනපති සෙලෙන්ස්කි

යුක්‍රේනයේ නව ශ්‍රී ලංකා තානාපති හසාන්ති දිසානායක මහත්මිය එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මුණගැසී තිබෙනවා.

යුක්‍රේනයට තේරීපත්වී ආ ශ්‍රී ලංකා සහ ගෝතමාලා නව තානාපතිවරියන් අක්ත පත්‍ර භාරදීමේ අවස්ථාවේදී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එහිදී අදහස් දක්වා ඇති යුක්‍රේන ජනාධිපතිවරයා, තම රට එක්සත් ජනපද නියෝජිතයින් සමග ඵලදායී සාකච්ඡාවල නිරතවී සිටින අතර, හැකි ඉක්මණින් සාමය ළඟාකර ගැනීම සඳහා කටයුතු කරන බව පවසා තිබෙනවා.

,තවදුරටත් සාකච්ඡා ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට යුක්‍රේනය පියවර රැසක් යෝජනා කර ඇති අතර අනෙක් පාර්ශ්වයන්ගෙන් මෙම ස්ථාවරයට සහාය ලබාගැනීමට අපේක්ෂා කරනවා.,

එක්සත් ජාතීන්ගේ පඤ්ඥාප්තිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම්ව යුක්‍රේනය සාධාරණ සහ කල්පවතින සාමයක් ළඟා කරගැනීම සඳහා තම රට ශ්‍රී ලංකාවේ සහයෝගය බලාපොරොත්තු වෙන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

වෙළෙඳාම, අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව සහ වෛද්‍ය පුනරුත්තාපන ක්ෂේත්‍රවල ද්වි පාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමට යුක්‍රේනය උනන්දු වෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *