14 වන ලියෝ පාප් වහන්සේට ජනපති සුභ පැතුම්

අභිනව පාප් වහන්සේ ලෙස ඊයේ (08) පස්වරුවේ වතිකානයේදී තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත සුබ පැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
“ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර, ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදය ගෙන එනු ලැබේවාග” යනුවෙන් එහි දැක්වෙනවා.
මේ අතර, අභිනව පාප් වහන්සේ ධුරයට පත් වීමෙන් අනතුරුව 14 වන ලියෝ පාප්වහන්සේ ලෙස නම් කර තිබෙන බව වාර්තා වෙනවා.
69 වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව පත්වූ 267 වන පාප් වහන්සේ වන අතර, උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප් වහන්සේ ලෙසින් ද ඉතිහාසයට එක්වුණු බව සඳහන් වෙනවා.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු ලොව පුරා බිලියන 1.4 ක් වූ කතෝලික ජනයා වෙනුවෙන් නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමේ අවශ්‍යතාව පැන නැඟුණ අතර, ලොව පුරා සිටින කාදිනල්වරු 133 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේදී එම කටයුතු සිදු කෙරුණා.