අගමැති මෝදි දවස් තුනක සංචාරයකට අද දිවයිනට

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අද 4 දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර .සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්. යන සංකල්පය තහවුරුකරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙන අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්ග ජයශංකර් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයා පිළිගැනිමේ නිල උත්සවය හෙට 5 කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම සංචාරයේදී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වන අතර, විශේෂයෙන් ම බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතයි.
මෙහිදී ඉන්දීය සහයෝගීත්වයෙන් ඉදිවන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යයාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් විවෘතකිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මෙම සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදාගැනීමට නියමිත අතර, නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද සකස්කර තිබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව අද ප.ව. 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගය ද වරින්වර වසා තැබීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා තිබෙනවා.
