දෙදින නිල සංචාරය නිමකර පිටත්ව ගිය අගමැති මෝදි

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනෙන් පිටව ගියා.

තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිත අතර, ඒ සඳහා ඒ මහතා අනුරාධපුර සංචාරය නිම කිරීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා පිටත්ව ගිය බව සඳහන් වෙනවා.

සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවයි.

එමෙන්ම මෙම සංචාරය ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති බවත්, එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *