ජනපති අනුර සමග අනුරාධපුරේ ගිය අගමැති මෝදි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද උදෑසන පෙර අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබෙනවා.
එහිදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබිණි.
අනතුරුව අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර මැද පිළි ගනු ලැබූ අතර, ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝදිය වැඳ පුදා ගැනීමට එක්ව, එහිදී අටමස්ථානාධිපති හිමි අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනු ලැබීය.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුරය නගරය වෙත පැමිණ තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එකම රථයක වන අතර, ඒ අතරමග ලබාගත් ඡයාරූපයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ පල කර තිබුනු දක්නට ලැබෙනවා.
එම ඡායාරූපයට තබා තිබූ සටහන වන්නේ, ,මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුරයේ දී, යනුවෙනි.

