තායිලන්තයට යන අගමැති මෝදිගේ අරමුණ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තායිලන්ත සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එලෙස තායිලන්තයේ සංචාරය කරන්නේ, එළඹෙන අප්‍රේල් 2 වනදා සිට 4 වනදා දක්වා තායිලන්තයේ බැංකොක්හි පැවැත්වෙන 6 වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි.

එම සංචාරය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා ද එක්වීමට නියමිත වන අතර, 2030 වන විට “PRO BIMSTEC” ලෙස හඳුන්වන සෞභාග්‍යමත් කලාපයක් සාක්ෂාත් කරගැනීම මෙවර අරමුණ වී තිබෙන බව සඳහන් වෙනවා.

බිම්ස්ටෙක් සමුළුවේ අරමුණ වන්නේ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන සාමාජික රටවල් හතක් සමඟ දකුණු සහ අග්නිදිග ආසියාව අතර කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *