අගමැති මෝදිගේ දෙවන ගමන

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ 12 අමෙරිකාව බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව නරේන්ද්‍ර මෝදි, මෙම අමෙරිකානු සංචාරයේ නිරත වන බව සඳහන් වෙනවා.
ඉන්දීය අග්‍රාමාතවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුවක් අද 13 වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කර තිබුණා.
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා බලයට පත්වීමෙන් පසු දෙරටේ නායකයින් අතර සිදුවන පළමු හමුව මෙය වෙනවා.