ශ‍්‍රී ලංකා සංචාරය ගැන අගමැති මෝදිගේ X සටහන

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය හෙට 04 ආරම්භ වීමට නියමිතයි.
අගමැති මෝදි මහතා හෙට සිට අප්‍රේල් 06 වනදා දක්වා දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත බව, මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයේ සඳහන් වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදුවන අතර, එහිදී බහුවිධ ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කිරීමට නියමිත බවත්, එමෙන්ම සිය සංචාරය තුළ හමුවීම් කිහිපයකට සහභාගී වීමටද නියමිත බවත්, සිය රාජ්‍ය සංචාරය පිළිබඳ X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය අතරතුරදී අනුරාධපුරයට ගොස් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටත් නියමිතව ඇති බව සඳහන් වෙනවා.
