අගමැතිනියගේ වෙසක් දින පණිවිඩය

රට නිවැරදි පරිවර්තනයකට යොමුකරමින් සිටින අවස්ථාවක, මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසනවා.
ඒ සඳහා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැදගැනීමට සියලුම දෙනාට ආරාධනා කරන බව, සිය වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් ඇය පෙන්වා දෙනවා.
ඒ වගේම, මේ වනවිට අතැම් රටවල පවතින යුද ගිනිදැල් නිවී, සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත්වීමේ භාග්‍යය උදාවීම මෙරට සමස්ත රටවැසියන්ගේ මෙන්ම තමන්ගේ ද අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරනවා.