දුරදිග ගිය පවුල් ආරවුල

තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු අද 04 අලුයම නාවලපිටිය පොලීසියට භාර වී තිබෙනවා.
සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නැමැති 46 හැවිරිදි තිදරු මවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන බව සඳහන් වෙනවා.
ඝාතකයට ලක් වූ ඇය කොළඹ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර, දානමය පිංකමකට සහභාගි වීම සඳහා ඊයේ 03 නාවලපිටිය ප්‍රදේශයට පිහිටි සිය දියණියගේ නිවසට පැමිණ තිබුණා.
එහිදී අද අලුයම 1.30 ට පමණ නිවසේ පහළ මහලේ ජනේලයකින් හොර රහසේ නිවසට ඇතුළු වු සැකකරු නිවසේ කාමරයේ නිදාගෙන සිටි මරණකාරියට පිහියෙන් ඇන ඝාතනයට ලක්වී තිබෙනවා.
ඇය බේරිම සඳහා නිවසෙන් පිටතට දිව ගොස් ඇති අතර, ඇගේ දියණිය පැවසුවේ, එලෙස නිවසින් පිටතට දිවගිය තම මව පසුපස හඹා ගොස් පියා විසින් නිවසෙන් පිටතදී යළිත් වරක් මවට පිහියෙන් ඇන ගලකින් හිසට පහරදුන් බවයි.
මව බේරීමට ගිය දියණියට ද තුවාල සිදුවි ඇති අතර, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවත් පොලීසිය පවසනවා.
ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාර සැමියා කාලයක් තිස්සේ වෙන් වී ජීවිත් වී ඇති බව සිදුකරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය ඇත.
නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා සඳහන් කරනවා.