ජනපති ට‍්‍රම්ප්ට එරෙහිව විරෝධතාවයක්

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට විරෝධය පාමින් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමිනි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය අරම්භයත් සමගම විධායක නියෝග රැසකට අත්සන් තැබුවා. ඒ අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා. ඒ එම ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රැසකට සිය රැකියා අහිමි කරමින් බව සඳහන් වෙනවා.
ඒ අනුව, විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින් විසින්, කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී දී විරෝධතාවේ නිරත වී තිබෙනවා. විරෝධතාකරුවන් දහසක් පමණ ට්‍රම්ප්ට එරෙහි මෙම රැළියට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම විරෝධතාව නම් කර තිබුණේ “ස්ටෑන්ඩ් අප් ෆෝ සයන්ස්” (STAND UP FOR SCIENCE) නමිනි.
විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලබාදෙන ආධාර කප්පාදු කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ට සහ ඔහුගේ සමීපතම පාර්ශ්වකරුවා වන ඊලෝන් මස්ක්ට වෘත්තිකයින්ගෙන් එල්ල වී තිබුණේ දැඩි විරෝධයක් වන අතර, ධුරයට පත්වීමත් සමග එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විපර්යාස සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පියවර ගෙන තිබුණා.
ඒ සමගම, ගෝලීය කාලගුණ පර්යේෂණ සඳහා අමෙරිකානු විද්‍යාඥයින් සම්බන්ධ වීම වැළැක්වීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබුණා.
ඒවගේම, කෘෂි විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ පර්යේෂණායතනයට මෙන්ම ආර්ථික පර්යේෂන සේවයට අනුබද්ධ වෘත්තිකයින් ඉවත් කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත් බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම පියවර සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තිකයින්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
