මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරනවා

ඉදිරියේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම හෙට (23) සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබා ගැනීම ලබන ජුනි මස 03 වැනිදා දක්වා සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මිල ගණන් ඉහළ යන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර, මාසික විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *