ට‍්‍රම්ගේ ඇමතුමට පුටීන්ගේ ප‍්‍රතිචාරය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා, වහාම පූර්ණ සටන් විරාමයකට එළැඹීම ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේ වුවද, දින 30ක කාලයක් සඳහා යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ලකරන ප්‍රහාර නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟතාවය පළ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
