රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබෙනවා.
මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරණු ලබනවා.
නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරණ බව කොළඹ මහා පල්ලිය ඊයේ 30 රාත්‍රියේ නිවේදනය කරතිබෙනවා.
මේ අතර, රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා හෙට 01 දිනයේ නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන අතර, මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව එම අමාත්‍යංශය සඳහන් කරනවා.
