බටලන්ද කොමිෂන් සභා වාර්තාවට රනිල්ගෙන් ප‍්‍රතිචාර

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

අද (14) සහානායක බිමල් රත්නායක විසින් එම බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින 02 ක විවාදයක් සිදු කරන බවයි.
මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව, මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙන අතර, මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *