කාලගුණෙන් රතු නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට එම වැසි තත්ත්වය අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *