මිල අඩු කළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 08 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 277 ක් ද, රතු පරිප්පු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 04 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 279 ක්ද, පාන් පිටි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 02 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 162 ක් ද වෙනවා.
එමෙන්ම ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 10 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 490 ක් ද, අර්තාපල් කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 13 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185 ක් ද, සුදු කව්පි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 45 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 750 ක් ලෙසයි නව මිල ගණන් සඳහන් වෙනවා.
තවද, ලොකු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 25 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 160 ක් සහ සුදු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 20 කින් අඩු කර ඇති අතරල එහි නව මිල රුපියල් 575 ක් ද වෙනවා.
