එක්සත් රාජධානියෙන් පැනවූ සම්බාධක සම්බන්ධයෙන්

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට, එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට, අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට, අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව, මෙම කටයුත්ත සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් පත්කර තිබෙන අතර, එම කමිටුවට අදාළ කාර්යයන් සඳහා අවශ්‍ය යැයි සැලකෙන, අදාළ විෂය පිළිබඳව ප්‍රවීණතාවක් සහිත නිලධාරියකු හෝ විද්වතකුගේ සේවය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් බලය පැවරීමට ද තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *