උරුමය ගැන වාර්තාව ලබන සතියේ කැබිනට් එකට

උරුමය ඔප්පු ජනතාවට ලබා දීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුතු අදාළ කමිටුවට සාමාජිකයින් 8 දෙනෙකු පත් කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබුණා.
උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන තුළින් මේ වන විට ඔප්පු 1000 කට ආසන්න සංඛ්‍යාවක් අමාත්‍යංශය යටතට ගෙන ඇති බව වාර්තා වෙනවා.
මේ අතර, අද පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා කියා සිටියේ පසුගිය රජය ලබා දුන් උරුමය ඔප්පු වැඩසටහනේ ඉතිරි ඔප්පු ලබා දීමට කටයුතු කරන බවයි.
