සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව

වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද 28 එළිදැක්වීමට නියමිතයි.
වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංගණන වාර්තාව නිකුත් කිරීමෙන් පසු සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වෙනවා.
රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් යන වගා හානිවලට ඍජුව සම්බන්ධ වන සතුන් සංගණනය කිරීම පසුගිය 15 වනදා සිදුකෙරුණු අතර, ඊට ප්‍රදේශ රැසක ජනතාව දායකත්වය ලබාදුන් අතර එම සංගණනයේ වාර්තාව අද මෙලෙස එළිදැක්වීමට නියමිත බව සඳහන් වෙනවා.
