ඉල්ලා අස්වුණු එක්දින කණ්ඩායම් නායකයා

ජොස් බට්ලර් එංගලන්ත එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

34 හැවිරිදි ජොස් බට්ලර් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තරග 187 ක් ක්‍රීඩා කර තිබෙන අතර, ඔහු එක්දින තරගවල දී රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 5196 කි.

බට්ලර් එක්දින තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 162 ක් වන අතර, ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස්කර තිබුණේ නොදැවී ක්‍රීඩාකරමින්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හමුවේ පළමුවටයේ තරග දෙක පරාජයට පත්වීමෙන් පසු එංගලන්තය මේ වනවිටත් චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වී ඇති අතර, අද කරච්චි නුවරදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද ජොස් බට්ලර් විසිනි.

එම තරගයද කඩුලු 07 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වූ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *