දෙවන වරටත් නිකුත්වුණු ප‍්‍රතිඵල

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) රාත්‍රී නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.
එම ප්‍රතිඵල, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව සඳහන් වෙනවා.
විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන ලෙස දැනුම් දෙනු ලබනවා.
ක්ෂණික ඇමතුම් අංකය – 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112784208, 0112784537, 0112785922
ෆැක්ස් අංකය – 0112784422
