වැඩි මිලට විකුණන්න හංගලා තිබ්බ සහල්

වැඩි මිලට අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ සහල් තොගයක් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් අද 12 සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සහල් තොගය පිටකොටුව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බවත්, වෙළෙඳසැල තුළ කිලෝ පහ බැගින් වු සහල් උර 3,000 ක් පමණ සඟවා තිබියදී පාරිභෝගික අධිකාරිය සිය භාරයට ගත් බවත් වාර්තා වෙනවා.

මෙම සහල් ඉදිරියේදී පැවැත්වෙන රාමසාන් උත්සව සමයේ දී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *