ගාසා තීරයෙන් වාර්තා වන වැඩිවන පුද්ගල මරණ

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 400කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ වගේම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිරවී සිටින බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති සටන් විරාම ගිවිසුම තවදුරටත් දීර්ඝ කරගැනීම සඳහා පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර, ඔවුන් පවසන්නේ ගසා තීරයේ හඳුනාගත් ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
එමෙන්ම හමාස් සටන්කාමීන් භාරයේ සිටින සිය ප්‍රාන ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බව ද ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.
