ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයට යන පාර වහලා

ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත යන මාර්ගය ඊශ්‍රායලය විසින් සටන් කලාප ලෙස හඳුන්වන බැවින් එම මධ්‍යස්ථාන අද වසා දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලයේ සහය ලබන ගාසා මානුෂීය පදනම යාවත්කාලීන කිරීම, සංවිධානය කිරීම සහ කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීම සඳහා එය වසා දමන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

මෙහිදී මිනිසුන්ට බෙදා හැරීමේ මධ්‍යස්ථාන වලට ඇතුළුවීම හෝ ඒවාට යන මාර්ගවල ගමන් කිරීම තහනම් බව හමුදාව වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.

මේ අතර, ඊයේ රාත්‍රියේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල ඊශ්‍රායල හමුදාකළ වෙඩි තැබීමකින් පලස්තීනුවන් 27 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *