රුසියන් ජනපති පුටීන් සංචාරයකට සූදානම් වෙනවලූ

රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් පවසා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය රුසියානු සංචාරයේදී සිදු කළ ආරාධනය පිළිගනිමින් මෙලෙස රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවේ සංචාරය කිරීමට තීරණය කර ඇති බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරනවා.
රුසියානු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සිදුවන දින වකවානු සර්ජි ලැව්රෝව් විසින් ප්‍රකාශයට පත්කර නොමැති නමුත්, සංචාරයට අදාළ කටයුතු මේ වනවිට සුදානම් කරමින් පවතින බව ඔහු ප‍්‍රකාශ කරනවා.
පසුගිය වසරේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙවන ධූර කාලය ආරම්භ කරමින් සිය පළමු විදෙස් සංචාරය සඳහා පිටත්ව ගොස් තිබුණේ රුසියාවටයි.
