රස්නය වගේමයි අනෙක් ප‍්‍රතිඵලත්

මේ වන විට දිවයින මුහුණපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් 7000 කට අධික පිරිසක් පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙනවා.

කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 2295 කට අයත් පුද්ගලයින් 7258 දෙනෙකු පමණ මෙලෙස පානීය ජලය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේත්, රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල, ඇහැලියගොඩ, කලවාන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලත් ජනතාව මෙලෙස පානීය ජල අර්බුදයන්ට ලක්ව ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *