දෙපයින් ඇවිත් කරමතින් යන ගණේමුල්ලේ සංජීව

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ මළසිරුර අධිකරණයෙන් එළියට රැගෙන තිබෙනවා.
නඩු කටයුත්තක් සඳහා අද (19) උදෑසන ගණේමුල්ල සංජීව නැමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.
පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබෙන අතර, මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින්, ඒ අවට ආරක්ෂාව තර කර තිබෙන බව වාර්තා වෙනවා.