සංජීවගේ දේහය පෞද්ගලික මල් ශාලාවකට

ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලීසිය මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙන බව සඳහන් වෙනවා.

ඒ අතර, මෙම ඝාතනය සඳහා වෙඩික්කරු සහ කාන්තාව පැමිණ ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ කාමර කුලියට ලබාදෙන හෝටලයක සිට බවත්, ඇය අදාළ හෝටලයේ සිට අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙන්නේ, ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයෙන් කුලී පදනමට ලබාගත් ෆිට් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක බවත්, අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ වගේම මේ වන විටත් එම සුඛෝපභෝගී මෝටර් රථයද කොළඹ අපරාධ කොට්ඨාසය සිය භාරයට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

මේ අතර, ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ දේහය ඊයේ 20 පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී ඊයේ 20 දහවල් සිදුකෙරුණු අතර, දේහය භාර ගැනීම සඳහා ඔහුගේ වැඩිමහල් සහෝදරියක පැමිණ තිබුණු බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *