නැගෙනහිර පළාතේ පාසල් වහලා

නැගෙනහිර පළාතේ සියලුම දෙමළ පාසල්වලට මහා ශිව රාත්‍රී දිනයට පසු දින, එනම් ලබන 27 වැනිදා නිවාඩු ලබා දෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පවසනවා. ඒ මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන්.
ඒ අනුව, එම පාසල් දිනය වෙනුවට ලබන මාර්තු මස 01 වැනි සෙනසුරාදා දිනයේ පාසල් පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරනවා.
ඒ වගේම, නැගෙනහිර පළාතේ සිංහල හා මුස්ලිම් පාසල් සාමාන්‍ය පරිදි ලබන 27 වැනිදා පැවැත්වෙන බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.