දෙගිඩියාවෙන් වුණත් අත්සන් කරන්න එන සෙලෙන්ස්කි

යුක්‍රේනයේ විරල ඛනිජ ලබාගැනීමේ ගිවිසුමකට එළැඹීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ අමෙරිකාව යුක්‍රේන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල නැවත ලබාගැනීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආරම්භයේ දී එම ගිවිසුමට එළැඹීමට යුක්‍රේනය ප්‍රතික්ෂේප කළත්, පසුව යුක්‍රේනය ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකට අමෙරිකාව අනුමැතිය පළ කිරීමෙන් අනතුරුව, සංශෝධන කිහිපයක් සිදුකර ඊට එකඟ වීමට යුක්‍රේනය තීරණය කර ඇති බව එම මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේ වුවත්, යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කළ ඉල්ලීමට අමෙරිකාව එකඟ වී නැති අතර, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙම සතියේ දී ගිවිසුමට අත්සන් තැබීම සඳහා අමෙරිකාවට පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *