ඒවාටත් වෙන වෙනම අධිකාරී හදනවා

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට, ඊයේ 24 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය්‍ය අඛණ්ඩව කර ගෙන යාම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිය අනුමැතිය අවශ්‍ය බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබෙන බවත්, එම පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීම සඳහා මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *