පළාත් කිහිපයක් ම අවධානයෙන් ඉන්න ඕනේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තවද වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් දන්වා ඇති අතර සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බව සඳහන් වෙනවා.
