ශවේන්ද්‍ර සිල්වා ඇතුලූ 4 කට සම්බාදක පනවයි

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හතර දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබෙන බව වාර්තා වෙනවා.

ඊට හේතු ලෙස සඳහන් වෙන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිවයුතු බවයි.

එක්සත් රාජධානියේ සම්බාධක පැනවූ පිරිසට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරිය, ඇතුළත් වන අතර, මීට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු ලෙස කලක් කටයුතු කර, පසුව අතුරු හමුදා කණ්ඩායමක් ලෙස කටයුතු කළ කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන්ද මේ සම්බාධ පැනවූ සිව්දෙනාට ඇතුළත් වෙනවා.

ඒ අනුව, අදාළ පිරිසට එක්සත් රාජධානියේ සංචාර තහනම් වන අතරම, එක්සත් රාජධානිය තුළ වත්කම් එක් රැස් කර තැන්පත් කිරීම ද තහනම් වන බව සඳහන් වෙනවා.

මේ අනුව, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව මෙම සම්බාධක පනවා ඇති බව එක්සත් රාජධානියේ රජයේ නිල වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *