දිවි රඟ මඩලට සමුදුන් ඇය

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා.

කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන් වෙනවා.

හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61 වන වියේ පසුවූවාය.

මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වී තිබෙන අතර, සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.

එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *