ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ ඇය

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාරියකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

තිස් හය හැවිරිදි තිදරු මවක් වූ විජේසිංහ ආරච්චිලාගේ නිරෝෂා නමැති තැනැත්තියකට මෙසේ දඬුවම් නියම කරනු ලැබූ අතර, මෙම විත්තිකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කුඩු රොෂාන් නමැත්තාගේ බිරිඳ බවත් සඳහන් වෙනවා.

2021 වසරේ සැප්තැම්බර් මස 27 වන දා ලද බුද්ධි තොරතුරකට අනුව පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම විත්තිකාරිය සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී එහි අන්තර්ගත ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 3.58 ක් බව අනාවරණය වුණා. අනතුරුව මෙම විත්තිකාරියට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවත්, ඒ අනුව විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත්ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *