බ්‍රිතාන්‍යයට උතුරින් මුහුදේ එකිනෙක ගැටුණූ නෞකාවන්

බ්‍රිතාන්‍යයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් එකිනෙක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා..
එම යාත්‍රාවන්හි සිටි 36 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති අතර, එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතුරුදන් වී ඇති බවත්, ඔහු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.
අනතුරට ලක්වූ ඉන්ධන නෞකාවේ ගුවන් යානා ඉන්ධන කිහිපයක් මුහුදට කාන්දු වී ඇති බව තහවුරු වීමෙන් පසු කිසියම් පාරිසරික හානියක් තක්සේරු කිරීමේ උත්සාහයන් තවමත් සිදු වෙමින් පවතින බව සඳහන් වෙනවා.
කෙසේ වුවත්, මෙම අනතුරෙන් එක් නාවිකයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
