කැනඩාවේ සමාජශාලාවක වෙඩිතැබීමක්

කැනඩාවේ, නැගෙනහිර ටොරොන්ටෝ හි ස්කාර්බරෝ නගර මධ්‍යය අසල පිහිටි සාමාජශාලාවක වෙඩිතැබීමක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සිද්ධියෙන් අදාළ සමාජ ශාලාව තුළ සිටි පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුටම වෙඩි වැදී තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, සිද්ධිවෙන් වෙඩි වැදුණු පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, එලෙස තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 20 සිට 50 මැද භාගය දක්වා වයස්වල පසුවන්නන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම වෙඩිතැබීම පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකර ඇති අතර, අදාළ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙනවා.
