අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අද (14) දින සවස් කාලයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් වූ ඉඩම්තොට, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *