නෝර්ටන්බ්‍රිජ් වල ගිනි ගත් වෙළෙඳසැල්

නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් හගරා පිටිය ජම්බු තැන්න ප්‍රදේශයේ අද (14) වෙළඳ සැල් 03 ක ගින්නක් හටගෙන ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.
ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක්, තොග සහ සිල්ලර ආහාර ද්‍රව්‍ය අලෙවිසැලක් සහ මැටි භාණ්ඩ ද්‍රව්‍ය අලෙවිසැලක මෙම ගින්න හට ගෙන ඇති අතර, තොග සහ සිල්ලර වෙළඳ සැල දෙසින් ගින්න හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම, ගින්න හට ගත් ගොඩනැගිල්ල එකම අයිතිකරුවෙකුට අයත් එක්ක බවත්, ගින්න හට ගන්නා අවස්ථාවේ වෙලදසැල් වල කිසිවෙකු නොසිටි බවත්, ගින්නෙන් සිල්ලර වෙලදසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර, මැටි භාණ්ඩ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලට අර්ධ වශයෙන් විනාශ වී ඇති බව නෝර්ටන් බ්‍රිජ් පොලිසිය පවසනවාග
පැතිර ගිය ගින්න ප්‍රදේශවාසීන් එක්ව පාලනය කිරීමට සමත් වී ඇති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක් සේ කර නොමැති අතර, ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට සැක කෙරෙන බවද සඳහන් වෙනවා.
ගින්න පිලිබදව වැඩිදුර පරීක්ෂන නෝර්ටන්බ්‍රිජ් පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
