සිංගප්පූරු සරත් අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ 4 වන සැකකරු වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් “සිංගප්පූරු සරත්” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
අද (04) උදෑසන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
අදාළ පුද්ගලයා මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබෙන බව සඳහන් වෙනවා.
“සිංගප්පූරු සරත්” නැමැත්තා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
